දුම්රිය මාර්ගවල සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුගමන් කියන්න අලුත් අංකයක්

Report

දුම්රිය මාර්ගවල සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටු වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘1971’ මහජන පැමිණිලි අංශය වෙත දැනුම් දිය හැකි බව එහි මාධ්‍ය ප්‍රකාශක, ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දුම්රිය මාර්ග ආරක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් විවිධ ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරන අතර, මෙම පොදු දේපළ රැක ගැනීම සමාජයේ සියලුදෙනාගේ වගකීමක් බවයි.

ලියකියවිලි විතරයි, සිස්ටම් එකක් නෑ - නොතිබුණු ඩිජිටල් පද්ධතියකට ලක්ෂ 98ක් ගෙවලා

ලියකියවිලි විතරයි, සිස්ටම් එකක් නෑ - නොතිබුණු ඩිජිටල් පද්ධතියකට ලක්ෂ 98ක් ගෙවලා

මේ අතර, වනවාසල ප්‍රදේශයේදී දුම්රිය පීලි පැනීමට හේතු වූ දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ඒවා අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔවුන් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. 

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

රුපියල බේරාගන්න රජයෙන් දැඩි තීන්දුවක් - ඉදිරි සතිවල බඩු මිල ගැන ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

රුපියල බේරාගන්න රජයෙන් දැඩි තීන්දුවක් - ඉදිරි සතිවල බඩු මිල ගැන ආනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්