ආපදාවට ලක්වූවන්ට රජයෙන් සුභ ආරංචියක් - මෙන්න නිකුත් වුණා

Report

රජය විසින් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම නව උපදෙස් මාලාව 2025 දෙසැම්බර් 05 දිනට අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්ව නිකුත් කර ඇත.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර වෙත පුළුල් සහන සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන අතර පීඩාවට පත් ව්‍යවසායකයින් සවිබල ගන්වා, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වඩාත් ඵලදායී අයුරින් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරයි.

ඒ අනුව, අනු අංක 8හි සඳහන් දීමනා ලබාදීමේදී පැන නැඟුණු ගැටලු නිරාකරණය කරමින්, එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා නව සංශෝධන හා පැහැදිලි කිරීම් මෙම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර ඇත.

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

බස් එකේදී ලිංගික අතවර කරා - බොරු චෝදනාවේ ලැජ්ජාවට තරුණයෙක් සියදිවිනසාගනී

නව චක්‍රලේඛය by ashfa