ආණ්ඩුවේ තවත් අමාත්‍යවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි වෙයි?..

Report

 අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ADB ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සුබ ආරංචියක්..

ADB ගෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සුබ ආරංචියක්..

පෙත්සම්කරු සදහන් කර ඇත්තේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇති බවයි.

උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

නොනවතින නඩුහබ..මෙහෙම ගියොත් නම් ලෝක වාර්තාවකුත් තියයි වගේ.. දොස්තර අර්චුනාට තවත් නඩුවක්..

නොනවතින නඩුහබ..මෙහෙම ගියොත් නම් ලෝක වාර්තාවකුත් තියයි වගේ.. දොස්තර අර්චුනාට තවත් නඩුවක්..

කෙසේ වෙතත්, රජයේ සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් ලෙසත් පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

You may like this video