තේ කෝප්පයක්දී වැඩ වැරදුනු අවස්ථා තියෙනවා..ඒක නිසා පරිස්සමින්..

Report

ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බවයි.

වැස්ස ටිකක් අඩු වෙන කල් ඉන්න ගෙට ගොඩ වුණු කෙනා නිසා නිවැසියෝ ගෙදරින් දුවයි ..(PHOTOS)

වැස්ස ටිකක් අඩු වෙන කල් ඉන්න ගෙට ගොඩ වුණු කෙනා නිසා නිවැසියෝ ගෙදරින් දුවයි ..(PHOTOS)

මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇත.

අද දවස ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකයි..

අද දවස ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකයි..

එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.