උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් ..

By Piyumika Jul 14, 2024 04:29 AM GMT
Report

දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ .

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)

මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද, එම පිටපත් එහි නොතිබීම නිසා ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇත.

ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ, මරණ ලියාපදිංචිය සිදු කළද අදාළ පොතේ එම තොරතුරු පිටපත් කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගතව තිබේ.

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමේ අනතුරක්..ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සම සළකා බැලීම හෙට..

මේ සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.ආර්.ඒ.එන්.එස්.විජේසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ දිවයින පුරා උප්පැන්න, විවාහ, මරණ රෙජිස්ට්‍රාර්වරුන් හාරසිය ගණනක් සිටින බවත්, මෙවැනි සිදුවීමක් යම් ස්ථානයක සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හැකියාව පවතින බවයි