තදබදය දැනට අවම කරත් තවත් දින දෙකක් පමණ ගතවන විට එය උග්‍ර විය හැකියි...

Sri Lanka President of Sri lanka Sri Lanka Customs
By Piyumika Jan 14, 2025 05:14 AM GMT
Piyumika

Piyumika

Report

 බහාලු‍ම් නිෂ්කාශනය සම්බන්ධයෙන් රේගුවේ පැවති ප්‍රමාදය අවම කිරීමට පියවර ගැනීම සාධනීය තත්ත්වයක් බව, සමස්ත ලංකා බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ තවත් දින දෙකක් පමණ ගතවන විට එම තත්ත්වය යළි ඇතිවිය හැකි බවයි.

චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීනය ජනපති පිළිගනි..

චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීනය ජනපති පිළිගනි..

ඔරුගොඩවත්ත, තොටළඟ ඇතුළු මාර්ග දෙපස දින කිහිපයක සිට බහාලු‍ම් ප්‍රවාහන රථ සහිත දිගු පෝලිම් දක්නට ලැබුණේ, නිෂ්කාශනය සම්බන්ධයෙන් රේගුවේ පවතින ප්‍රමාදයක් හේතුවෙන්.

එම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඊට සම්බන්ධිත සියලු‍ පාර්ශ්වලවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා සාකච්ඡාවක් පැවැති අතර, එම ගැටලු‍ව කඩිනමින් විසඳීමට එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සීමා කිරීමක් පිළිබද දැනුම් දීමක්..

මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනය සීමා කිරීමක් පිළිබද දැනුම් දීමක්..

ඒ අනුව, ඊයේ වනවිට ඔරුගොඩවත්ත සහ තොටළඟ ප්‍රදේශයේ පැවැති බහාලු‍ම් රථ පෝලිම අවසන් කර තිබුණා.

සමස්ත ලංකා බහලු‍ම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ පසුගිය සිකුරාදා සිට එළැඹි අඛණ්ඩ දින 4ක නිවාඩුව ලබා ගැනීම වෙනුවෙන් අංගනවලින් පිටත පැවැති පෝලිම තාවකාලිකව අවසන් කර ඇති බවයි.


ReeCha