පුංචි ඡන්දෙට අදාළ නිවේදනයක් මැතිවරණ කොමිසමෙන්
මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (11) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමකි.
ප්‍රධාන කරුණු: 🔹 නාමයෝජනා කැඳවීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර බලයලත් නියෝජිතයන් පත්කිරීම අවශ්‍යය.
🔹 මාර්තු 3වනදා නාමයෝජනා දැන්වූ පළාත් පාලන ආයතන 336ක් සඳහා මාර්තු 14 පෙ.ව. 8.30ට පෙර බලයලත් නියෝජිතයන් පත් කිරීමේ ලිපි ඉදිරිපත් කළ යුතුය.
🔹 ස්වාධීන කණ්ඩායම් සඳහා, කණ්ඩායම් නායකයා ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී කණ්ඩායමේ යම් තැනැත්තකු බලයලත් නියෝජිතයා ලෙස නම් කළ හැක.
🔹 මාර්තු 13 පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව පවතී.
මෙම නිවේදනය අනුව, පළාත් පාලන මැතිවරණ සූදානම් කටයුතු දැඩිව ක්‍රියාත්මක වන අතර, සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මෙය පිළිපදිය යුතුය.
මැතිවරණ කොමිසම විසින් නිකුත්කළ නිවේදනය
