අනේ දෙයියනේ මෙහෙම නම් මැරෙන කල්වත් මේක කර ගන්න වෙන්නෑ කියලා හිතපු කාලේ ඉවරයි...

Report

රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.

එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රැකියා අවස්ථාවක් බලා පොරොත්තුවෙන් සිටි ඔබට මෙන්න සුබ ආරංචියක්...

රැකියා අවස්ථාවක් බලා පොරොත්තුවෙන් සිටි ඔබට මෙන්න සුබ ආරංචියක්...

ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල පිරිසක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳව ද එහිදී අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා වී බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

මන්ත්‍රී කොට්ටහච්චිට මාධ්‍යය වාරණයක් ...

මන්ත්‍රී කොට්ටහච්චිට මාධ්‍යය වාරණයක් ...

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මුදිත හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු මෙරට ප්‍රධාන රෝහල්වල අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබුණි.

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන කෙටිකාලීන ව්‍යාපෘතියක් නොව එය දීර්ඝ කාලීනව සමස්ථ ජන සමාජයම ඒකරාශිකරගත් ව්‍යාපෘතියක් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් පිරිසක් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

You may like this video