රට පුරා සිටින පිරිසකට හදිසි රතු නිවේදන නිකුත් කරයි..මේ ගැන සියලුම ජනතාව දැඩි අවධානයෙන් ඉන්න.
මෙරට පළමුවරට ඌරු ගොවිපොළවල් ආශ්‍රිතව “අප්‍රිකානු සූකර උණ’’ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බැවින්, යම් ගොවිපොළක ඌරන් මියගොස් ඇත්තේ මෙම රෝගී තත්ත්වය නිසා බවට රසායනාගාර වාර්තාවලින් තහවුරු වුවහොත් අදාළ ස්ථාන මුද්‍රා තැබීමට අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල විසින් දිවයිනේ සියලුම පශු වෛද්‍යවරුන්ට රතු නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.
මේ වසරේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට වාර්තා වූ සූකර ප්‍රජනන හා ශ්වසන රෝගය (PRRS) සමස්ත සූකර ගහණයටම සැලකියයුතු අවදානමක් ඇති කරමින් දිවයිනේ පළාත් කිහිපයකින් වාර්තා වූ බවත්, රසායනාගාර පරීක්ෂණවලින් ඌරන් අතර පැතිර යන්නේ එම වයිරසය බවට තහවුරු වූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරන්නේ.
නමුත්, දැනට දින කිහිපයකට පෙර ක්ෂේත්‍රයෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී සාම්පල කිහිපයක් මගින් “අප්‍රිකානු සූකර උණ’’ ඌරන් අතර පැතිර යන බවට තහවුරු වූ බවත්, මෙම රෝගී තත්ත්වය දකුණු ආසියානු කලාපීය රටවලින් මෑත කාලයේ වාර්තා වුවද, ලංකාවේ වාර්තා වූයේ පළමු වරට බවත් රතු නිවේදනයේ සඳහන්කර ඇත.
අප්‍රිකානු සූකර උණ වයිරසය ආසාදිත හෝ ආසාදිත යැයි සැකකරන ගොවිපොළවලට පිවිසීමේදී හෝ පිටව යාමේදී ජෛව ආරක්ෂණ ක්‍රම භාවිතා කරන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ කියා සිටියේ, මෙම රෝගය පැතිර යාම බරපතළ තත්ත්වයක් බවත්, ගුවන් හා නැව්වලින් ඉවතලන ආහාර අපද්‍රව්‍ය නිසා විවිධ වයිරස් වර්ග ඌරන් අතර පැතිර යන බවයි.
අප්‍රිකානු සූකර උණ රෝගය පාලනය සඳහා ඖෂධ මෙරට නොමැති බවටද තොරතුරු අනාවරණය වනවා.
කෙසේ නමුත්, ඌරන් අතර සීඝ්‍රයෙන් පැතිර යන මෙම වයිරස් රෝගී තත්ත්වයන් හේතුවෙන් ඌරු මස් සඳහා වෙළෙඳ පොළේ තිබෙන ඉල්ලුමද විශාල ලෙස අඩුවී ඇතැයිද අනාවරණය වෙයි.