රතු කුරුස - "ඌබර්" ඒකාබද්ධ ව්‍යාපෘතියක්..!

Red Cross Dinesh Gunawardena Sri Lanka Dollars
By Sewvandhi Sep 04, 2022 01:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සහ ඌබර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කරයි . ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ හා ඌබර් ශ්‍රී ලංකා සමාගමේ නියෝජිත පිරිසක්, අග්‍රාමාත්‍යවරයාව පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවූහ.

ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක දීමනාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සිය ස්තූතිය පළ කළේය. දිවයින පුරා ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ බෙදාදීම වෙනුවෙන් මෙම ආධාර මුදල් යොදා ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙන්ම ඌබර් සමාගමේ ගෝලීය විධායක, ආසියානු ශාන්තිකර කලාපයේ බෙදාහැරීම සඳහා වූ සාමාන්‍යාධිකාරිණී සස්කියා ද ජොන්ග්, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ, ඌබර් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරිනි භාව්නා ඩැඩ්ලානි ජයවර්ධන, සහ ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ කොළඹ ශාඛා ප්‍රධානී කුමාරි කොතලාවල යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now      


ReeCha