වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය..

Report

2023 මාර්තු 25 වනදා සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා වන තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණ.

වහාම කළ අත්හිටුවීම?. රාජ්‍ය සේවයේ නියුතු පිරිසක් ගැන එකවරම ගත්ත තීරණය.. | Recruiting Development Officers For Teaching

එලෙස තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබී ය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවති.

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)

පාසල් දරුවන්ටයි මේ වැදගත් පණිවිඩය - අදයි හෙටයි ගැන ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)


ඒ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.