ඩෙංගු මරණ වැඩි වන හේතුව හෙළි වෙයි.- ඩෙංගු යැයි සැක නම් මෙන්න මේ ඖෂධය පමණක් ගන්න.
මේ වන විට ඩෙංගු හිස ඔසවා ඇති බැවින් උණ සහිත රෝගියෙකු වේ නම් ඔවුන් වෛද්‍යවරයකු හමුවන තෙක් පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන සතිය ආරම්භ කරමින් එහි ප්‍රධාන වැඩසටහන විජේරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (7) ආරම්භ වූ අතර එහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙම කරුණු අවධාරණයට ලක් කරනු ලැබුවා.
ඔහු පවසන්නේ,ඩෙංගු මරණ විමර්ශනය කිරීමේදී රෝහල්ගත වීමට ප්‍රමාදය මෙන්ම පැරසිටමෝල් ඖෂධයට අමතරව විවිධ ඖෂධ ලබා ගැනීම හරහා විවිධ සංකුලතා ඇති වීමෙන් එම මරණ සිදු වී ඇති බවයි.
එම නිසා ඩෙංගු මර්දනය කිරීමට නම් තමන් ජීවත් වන පරිශ්‍රය පිරිසිදුව තබාගත යුතු බවත්, නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් ඔහු පේනවා දෙනවා.