රතු සීනිවලට කෙලින්න සුදානමක්.... මෙච්චර ගානක් පාඩුයිලු

Report

ලංකා සීනි (පෞද්ගලික) සමාගම යටතේ පවතින පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්තශාලා ඒවායෙහි නිපදවන දුඹුරු සීනි කිලෝවක් අලෙවියෙන් රුපියල් 50 ක පමණ පාඩුවක් ලබන බව එම ආයතනවලට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි.

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

කෙහෙල්බද්දර පද්මේ ලංකාවට ඇවිත් ? පාස්පෝට් හදන්න ගියාද?… මෙන්න විස්තරේ

එම කර්මාන්තශාලාවලින් සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 286 -290 අතර මුදලක් වැය වුව ද සීනි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන්නේ රුපියල් 235-240 අතර මිලකට බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අද මේ ලග්න වලට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්

අද මේ ලග්න වලට අතමිට සරුවෙන සමාජයේ සැළකිලි ලැබෙන දවසක්

දේශීය සීනි නිෂ්පාදනය මත සියයට 18 ක එකතු කළ අගය මත බද්ද (වැට්) ක්‍රියාත්මක වීම, එතනෝල් මිල ගණන් පහළ යෑම සහ වෙළෙඳ පොළේ සීනි අලෙවිය පහළ යෑම යන හේතු මත එම ආයතන දෙකෙහි දෙකෙහි මූල්‍ය කාර්ය සාධනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.