රවී කරුණානායකට අද තීරණාත්මක දවසක් - අද අල්ලස් කොමිසම හමුවට
අද (31) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඔහු පැමිණීමට හේතුව වන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගොස් ඇත.
එම අවස්ථාවේ දී ද මන්ත්‍රීවරයා නිවසේ සිට නොතිබුණු අතර සිය දියණියගේ විවාහ මංගල්‍යයට අදාළ කටයුතු හේතුවෙන් කොමිසමේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස රවී කරුණානායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබූ බව වාර්තා වේ.
ඒ අනුව, රවී කරුණානායක මන්ත්‍රීවරයා අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර ඇත.