මෙරට ප්‍රධානතම රෝහලක විරල ගණයේ සිව් නිවුන් දරු උපතක්..!

Anuradhapura Pregnancy Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Nov 30, 2024 10:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් දුර්ලභ සිව් නිවුන් දරු උපතක් පිළිබඳව වාර්තාවනවා.28 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක්, මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවා.

ඇය පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.

වෛද්‍යවරුන් පවසන්නේ, සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් බවද වෛද්‍යවරු පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් වාර්තා වීම ප්‍රථම අවස්ථාවට සිදුවීම හේතුවෙන් එය රෝහලට ඉතා වැදගත් සිදුවීමක්ද වී තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිනේෂ් බියගම මහතා පැවසුවේ මෙවන් අදහසක්.

"මේක ඉතාම විරසල අවස්ථාවක්. හේතුව තමයි සිව් දරු උපත් සිදුවන්නේ බොහෝ වෙලාවට මද සරු බවට ප්‍රතිකාර ගන්නකොට. නමුත් කිසිම ප්‍රතිකාරයක් නොමැතිව බබාලා හතරක් එකපාර පිළිසිඳ ගැනීම බොහෝම කලාතුරකින් සිදුවන්න පුළුවන් දෙයක්.

අපිට පුළුවන් වුණා මවගේ පූර්ව ප්‍රසව කාලය සති 31 දක්වා ගෙනයන්න. ඒ නිසා අපිට සාමාන්‍යෙයන් කිලෝග්‍රෑම් 1.4-1.5ත් අතර බබාලා හතරම නිරෝගීව සිසේරියන් සැත්කමකින් බිහිකරගන්න පුළුවන් වුණා."


ReeCha