රන්වීර් සිංග්ට බොලිවුඩයෙන් රංගන තහනමක් - කෝටි 45ක් පොළොවේ ගසා 'Don 3' චිත්‍රපටයෙන් හදිසියේම පැන යයි

Report

රන්වීර් සිංග් හදිසියේම Don 3 චිත්‍රපටයෙන් ඉවත් වී ඇති බවට වාර්තා වීමත් සමඟ බොලිවුඩ් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.

චිත්‍රපටයේ ප්‍රචාරක දර්ශන පවා ඔහු සමඟ රූගත කර තිබූ අතර, පෙර නිෂ්පාදන කටයුතු සියල්ලම රන්වීර් සිංගේ සහභාගීත්වයෙන් සිදු කර ඇති බව සඳහන් වේ. එවැනි තත්ත්වයකදී ඔහු හදිසියේම චිත්‍රපටයෙන් ඉවත් වීම නිසා නිෂ්පාදන සමාගමට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ.

රන්වීර් සිංග්ට බොලිවුඩයෙන් රංගන තහනමක් - කෝටි 45ක් පොළොවේ ගසා

මේ සම්බන්ධයෙන් ෆර්හාන් අක්තාර් විසින් සිනමා සේවක සම්මේලනය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇති බව ද පැවසේ. එහිදී, සේවකයින් 200කට අධික පිරිසක් සඳහා හෝටල් සහ විදේශ සංචාර වෙන්කිරීම් ඇතුළු පෙර නිෂ්පාදන වියදම් සඳහා රුපියල් කෝටි 45කට අධික මුදලක් වැය කර ඇති බව සඳහන් කර ඇත.

එමෙන්ම, මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුන් වරක් රන්වීර් සිං සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළද ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තා වේ.

මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව බටහිර ඉන්දීය සිනමා සේවක සම්මේලනය ප්‍රකාශ කර ඇති අතර, ඉදිරියේදී සම්මේලනයට අයත් කාර්මික ශිල්පීන්, ස්ථානීය සේවකයින් සහ අනෙකුත් සාමාජිකයින් කිසිවෙකුත් රන්වීර් සිං සමඟ කටයුතු නොකරන බව නිවේදනය කර ඇත.

සාමාජිකයින් 5,000කට අධික පිරිසක් සහ අනුබද්ධ වෘත්තීය සමිති 32ක් නියෝජනය කරන මෙම සම්මේලනයේ තීරණය, රන්වීර් සිංගේ ඉදිරි සිනමා ව්‍යාපෘති සහ වෘත්තීය ජීවිතයට බලපෑමක් ඇති කළ හැකි බව විචාරකයින් පෙන්වා දෙයි.

රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ