රන්සිළු ජයතිලකට තවත් රන් පදක්කමක්

By Dilasha Mar 29, 2025 09:24 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පැවැති 2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරඟාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරඟ වැදුණු රන්සිළු ජයතිලක එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

මෙම තරඟය සඳහා ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වී ඇති අතර රන් පදක්කම දිනා ගත් රන්සිළු ජයතිලක මෙම පදක්කමත් සමඟින් ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලිය දිනා ගත් තුන්වැනි රන් පදක්කම මෙය වේ.

මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් යොමු කරමින් රන්සිළු ජයතිලක සඳහන් කර ඇත්තේ මෙල්බන් නුවර ප්‍රේක්ෂකයින් 4000කට අධික පිරිසක් ඉදිරියේ තමන් සිංහ කොඩිය එසවීමට සමත් වූ බවය.

පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු, වැටුපක් නොමැති නමුත් කිසිදු අවස්ථාවක සිංහ කොඩිය බිම නොතබන බවත් හැකි ඉක්මනින් ලෝක වේදිකාවේ සිංහ කොඩිය එසවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සිය සටහන මඟින් සඳහන් කර තිබේ.