ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්කාලය දීර්ඝ කරයි

By Dharu Mar 11, 2025 11:00 AM GMT
Report

ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර එම අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සියලු අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති සියලු වෛද්‍ය නිලධාරීන්ට සිය අයදුම්පත් ඉදිරිපත් කිරිමේ අවසාන දිනය 2025/03/24 දින දක්වා දීර්ඝ කළ බව එම නිවේදනයේ දැක්වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ https://hrmis.health.gov.lk/ms/ දරණ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව එම නිවේදනයේ දැක්වේ. 

අවසර ලැබුණු රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් මෙන්න

අවසර ලැබුණු රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් මෙන්න

නලින්ද ජයතිස්ස ටිරාන්ව බේරන්න හැදුවද? (VIDEO)

නලින්ද ජයතිස්ස ටිරාන්ව බේරන්න හැදුවද? (VIDEO)