අගරදගුරුට බනින හඬපට එලියට. - රන්ජන් ලොකු අමාරුවක. CID ප්රශ්ණ කරයි. - (VIDEO)
By Wayomi
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයේ වෛරී ප්රකාශ නිකුත් කර ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය, රංගන ශිල්පී රන්ජන් රාමනායක ගෙන් (31) පැය 2ක් තිස්සේ ප්රශ්න කර ප්රකාශ ලබා ගත්තා.
එමෙන්ම සිවිල් ක්රියාකාරිකයකු වන නාමල් කුමාර නමැත්තා විසින් සිදුකළ මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කොළඹ අපරාධ කොට්ඨාසය මීට ඉහතදී ඔහුගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබිණි.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්රමාණය ගැන දැනුම්දීමක්.
මේ අතර රංගන ශිල්පී රන්ජන් රාමනායක කාදිනල්තුමන්ට අපහාස වන ආකාරයෙන් නිකුත් කළ ප්රකාශවලට අදාළ හඬපට තමන් සතු බව පවසන නාමල් කුමාර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ කාදිනල්තුමන්ගෙන් ද ඉල්ලීම් කර තිබෙනවා.
ඒ, අනුව මේ සම්බන්ධයෙන් නාමල් කුමාරගෙන් නැවත ප්රකාශ ලබාගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරනවා.