රංජන්ට එරෙහිව ගොනුකළ පැමිණිල්ලට අධිකරණයෙන් ලැබුණ තීන්දුව මෙන්න..
2024 මහ මැතිවරණයේදී රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ අපේක්ෂකත්වයට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ප්‍රීති පද්මන් සූරසේන, කුමුදිනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අද නියෝගයක් නිකුත් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන ස්වාධීන කණ්ඩායමක සාමාජිකයෙකු විසින් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත FR පෙත්සම ගොනු කර තිබුණි.
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිත රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
රන්ජන් රාමනායක මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අයිතියක් නොමැති බව පවසමින් තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබේ.