තුර්කියේ ඇති වූ ප්‍රබල භූ කම්පනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.
By krishani
තුර්කියේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් සිදු වූ ජීවිත හානි හා විපතට පත් වූවන් පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
මෙම ආරංචිය සැළ වුණු පසු තමන් ඉතා ම කම්පාවට පත් වී සිටි බවත් සමස්ත ශ්‍රී ලාංකිකයන් සමඟ තමන් ද ඊට ශෝක පළ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියි.
එමෙන්ම තුවාල ලැබූවන්ට සහ විපතට පත් වූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපතිවරයා පවසා සිටින අතර මෙම දුෂ්කර අවස්ථාවේ දී තුර්කි හා සිරියානු ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |