අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි..
By Piyumika
රාජ්‍ය සේවක වැටුප් පිළිබදව ඉදිරිපත් වූ උදය සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර අද පැවැති ජන හමුවකට එක්වෙමින්. ව්‍යවස්ථාව හරිහැටි නොදැන අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ සිදුකරන බවයි එහිදී ඔහු කියා සිටියේ.
ජනාධිපතිවරයා මාධ්‍යට චෝදනා කිරීමෙන් පලක් නොවන බවද හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී ප්‍රකාශ කළා.