ඡන්දය කට ළඟ තියාගෙන රනිල් හා තවත් ප්රබල කතක් එක්වෙයි..
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වෙයි.
ඡන්ද දායකයින්ගේ ඇස් උඩ යන කතාවක් "..අනුරගේ තාත්තලා හැදුවේ නැත්නම් එයා පුංචි අම්මට කතා කරලා කියන්න ඕනේ අපි හය දෙනෙක් හදමු කියලා.."
මේ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ යාපනය උඩුප්පිඩ්ඩි ප්රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බවය. උතුරේ ජනතාවට සම්පුර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බව ඔහු කියා සිටියා.
යාපනයේ ජනතාව පිට යවන්නේ නැතිව යාපනය තුලදීම රැකියා ඇති කර ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ඔහු කියා සිටියා.