ජාත්‍යන්තර සිදුවීමක් ගැන ජනපති රනිල්ගේ දැඩි විවේචනයක්..
ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මෙම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කිරීම වන අතර ‘ප්‍රකාශනයේ නිදහස’ අහිමි කිරීමක් ලෙස අර්ථ නොදැක්විය යුතු අතර නැමදීම යන්න පරම අයිතියක් ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මෙම සිද්ධය සම්බන්ධව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාවයද ප්‍රශ්න කරන ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන්නේ “ඔබට සියල්ලම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස සැලකිය නොහැකි බවයි. එහි සිමාවන් තිබෙනවා.
මෙය පැහැදිලිවම නමස්කාරයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. කුරානයේ බොහෝ වැදගත් දේ තිබෙන බව මම හිතනවා.” බවයි.
මානව හිමිකම් බටහිරට පමණක් සීමාකළ නොහැකි අතර එයට සමස්ථ ගෝලීය වශයෙන් සියල්ලටම පොදු වු එකක් බවද තමා බෞද්ධාගමිකයෙකු වන නමුත් ලොව සියළු ආගම් වලට තමා ගරු කරන බවත් සෑම ආගමකම අවසානයේ වඩා යහපත් දේ අන්තර්ගත වන බවත් ප්‍රකාශකරනවා.
මේ සම්බන්ධයෙන් ලබන 13 දා පකිස්ථානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන යෝජනාවට ශ්‍රී ලංකාවද සහාය ඵල කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකරනවා.