ලයින් කාමර යුගය අහෝසි කරන බව ජනාධිපති රනිල් පවසයි...
By Parami Dissanayake
අද (08) පස්වරුවේ දී හපුතලේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ලයින් කාමර යුගය අහෝසි කරන බව ය.
තව ද, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
පෝලිම්වල දුක් විඳි ජනතාව රටේ අනාගතය පිළිබඳ බියෙන් පසු වූ බව ජන රැලිය ඇමතු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
එහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ඒ සියල්ල නිවැරදි කිරීමට බවත්, ඒ වෙනුවෙන් පසුගිය දෙවසර තුළ ආරම්භ කළ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේ දී ඉල්ලා සිටින බවත් ය.