ශ්‍රී ලංකා ආර්ථිකය ගැන හිටපු ජනපති රනිල්ගෙන් ආන්දෝලාත්මක අනාවැකියක්
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව නොබෝ කාලෙකින් සමස්ත රටවැසියාටම දැකගන්න හැකිවනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
රට වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් සහ සම්බුද්ධ ශාසනය සුරකින මහා සංඝයා වහන්සේලා දේශපාලනික වශයෙන් නැති කිරීමේ සහ අඩපණ කිරීමේ විශේෂ පාලන යාන්ත්‍රණයක් වර්තමාන රජය විසින් රට තුළ ක්‍රියාත්මක කරමින් පවතින බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
සුරේෂ් සලේට මරණ දඬුවම? මොන දඬුවම දුන්නත් අපි විරුද්ධ නෑ හැබැයි නීතියට පරීක්ෂණ වෙන්න ඕනේ - සැර ප්‍රකාශයක් එළියට
හිටපු ජනාධිපතිවරයා මෙම සුවිශේෂී කරුණු අවධාරණය කර සිටියේ පක්ෂයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම කැඳවා තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නිල රැස්වීම අමතමිනි.
කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ ප්‍රධාන දේශපාලන කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම වැදගත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරකින් පැවැත්විණි.