හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් සහභාගි වේ

Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අභාවය වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවකට පැමිණ තිබේ.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස දීර්ඝ සේවා කාලයක් සපයන ලද ඒ මහතා, පසුගිය 17 වැනිදා උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දක්වමින් ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කිරීමට ද කටයුතු කළේය.

සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අභාවය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රභූවරුන් සහ සහෘදයින් සිය ශෝකය පළකර සිටිති. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) දිනයේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ

මට උත්තර දෙන්න අමාරුම වුණු ප්‍රශ්නේ මේක මට සමාවෙන්න - අභිශේකා සංවේදී වෙමින් ආදරණීය මවගේ රෝගී තත්ත්වය ගැන කියු දේ

වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - වී මිලට ගත් ප්‍රමාණය හා මිල ගණන් ගැන දැනුම්දීමක්

වී අලෙවි මණ්ඩලයෙන් ගොවීන්ට විශේෂ දැනුම්දීමක් - වී මිලට ගත් ප්‍රමාණය හා මිල ගණන් ගැන දැනුම්දීමක්