හතර බිහිරි කතා අහලා නැත්නම් ඔන්න අහගන්න. - උගන්ඩාවට ගෙන ගියේ සොරකම් කල සල්ලි නොවෙයි. - තෝමස් ඩිලාරූ සමාගමේ නෝට්ටු - (VIDEO)

National Peoples Party Government Of Sri Lanka Rajapaksa Family AKD
By Wayomi Oct 15, 2024 10:00 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි ප්‍රකාශ කරනවා.

ඇය පෙන්වා දෙන්නේ, රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් එමගින් ඒවා නැවත ලබා ගත හැකි බවයි.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

විශේෂ ඉන්ධන සහනයක්. - කැබිනට් අනුමැතිය හිමිවෙයි. - අඩු වන මිල ගණන් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.

හෙට වැසෙන පාසල් සහ විවෘත කෙරෙන පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - එම පාසල් මෙන්න.


පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද ඇය සඳහන් කරනවා.

එමෙන්ම පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ඇය සඳහන් කරනවා.

ඇය මෙම කරුණු පවසා සිටියේ,රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින්.

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

කැළඹුණු කාලගුණයේ නවතම නිවේදනය නිකුත් කෙරේ.- ඉදිරි පැය 36 තුළ වන දේ. - 17 වෙනිදා ගැන විශේෂ අනතුරු ඇඟවීමක්. - (UPDATE)

මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.

මිල ගණන් අඩුවෙයි. - මේ සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ.


“මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුළෙ බොහෝ අවලාදවලට මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලීනව මට නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. කොහොමවුණත් මෙතනදී මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා කියන එක.

ඒ අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා. තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළා, ඒක තමයි සමාජය විසින් කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලා රූ සමාගම විසින් ලැබුණු ඇනවුමකට අනුව කරපු මුදල් රැගෙන යාමක්.

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?

පඩි නැතුව හරි නිවාඩුවක් දාන්න ආස නැද්ද? - සති අන්තයේ ගෙදර හිටියත් ඔලුවට වද දෙන රැකියාවේ පීඩනය ගැන සිතුවද?


නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා. කළු සල්ලි සුදුකරපු ඒවා තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ. ඒ මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙනයාම් වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගයේ නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. මේ මොහොතේදී මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා”