නැගෙනහිර දෙසින් කැළඹිලි - උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල තද වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් අඛණ්ඩව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නවතම අනාවැකියේ දැනුම්දෙයි.
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තද වැසි ඇති විය හැකිය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වේ.
සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40 අතර තරමක තද සුළං හමා යා හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනතාවට අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.