රාජ්‍ය සේවකයින්ට ජූලි මාසයේ සිට දුම්රිය සීසන් ටිකට් ගන්න අලුත්ම ක්‍රමයක්

Report

රජයේ නිලධාරීන් සඳහා නිකුත් කෙරෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සේවාව ඩිජිටල්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලබන ජූලි මාසයේ සිට සියලු අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර www.pravesha.lk ඩිජිටල් වේදිකාව හරහා මාර්ගගතව ලබා ගැනීමේ හැකියාව හිමිවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන තම නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීම සඳහා ප්‍රවේශ පද්ධතියේ ලියාපදිංචි විය යුතු අතර, එම ලියාපදිංචි කිරීමේ කටයුතු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පැවති උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය නියාමක සංගමයේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවයි

රාජ්‍ය නිලධාරීන්ට ජංගම දුරකථන යෙදවුම හෝ www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ තම ආයතනයේ අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැකි අතර, ජූලි මාසයට අදාළ වාර ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමට 2026 ජූනි 15 වැනිදා සිට අවස්ථාව හිමි වේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් රාජ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනය කිරීම, දුම්රිය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරන බවයි. එමෙන්ම ආර්ථිකය ස්ථාවර මාර්ගයක පවත්වාගෙන යාමට රජය සමත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අසල්වැසි නේපාලයෙන් ඉන්දියාවට දැඩි තීරණයක් - ඉන්දීය අඹ රටට ඇතුළු කිරීම තහනම්

අසල්වැසි නේපාලයෙන් ඉන්දියාවට දැඩි තීරණයක් - ඉන්දීය අඹ රටට ඇතුළු කිරීම තහනම්