දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්..
ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබනවා.
ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ වූ අතර එය සංශෝධනය කරමින් එය උදෑසන 10.00ට ආරම්භ කිරිමට තීරණය කර තිබුණා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. එන්. ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, කෙසේවෙතත් පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත් මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණේ, ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කරන බවයි.
එලෙස නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ?