නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි - කාන්තාවක් එතනම සිහුසුන්ව වැටෙයි

Report

බේරුවල ප්‍රදේශයේ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එම බලකායේ බුද්ධි අංශ නිලධාරීයෙකු උපායශිලීව ගබ්සා කිරීම සඳහා දිනයක් ලබාගත් බවට සඳහන් වේ. පසුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව අද (08) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ විශේෂ පොලිස් කණ්ඩායම අදාළ වැටලීම සිදු කර තිබේ.

එහිදි සූක්ෂමව දිනයක් ලබාගැනීමෙන් අනතුරුව තමන් ඇසුරු කළ කාන්තාවකට ගබ්සාවක් සිදුකරගැනිමට අවශ්‍ය බව පවසමින් අදාළ වෛද්‍යවරයා සමඟ සංවාදයක නිරතවී තිබේ.

ඉදිරි පැය ගණන පිළිබඳව කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය ගණන පිළිබඳව කාලගුණයෙන් අනාවැකියක්

එම සංවාදය පහත පරිදි වේ.

උපායදූත නිලධාරියා - මම ආවා ඩොක්ටර්. එදා අර අයින් කරගන්න කතා කරපු කෙනා..

ඩොක්ටර් - හරි.. ඔයා ඇවිල්ල ද ඉන්නේ.?

උපායදූත නිලධාරියා - ඔව් ඩොක්ටර්.

ඩොක්ටර් - එහෙනම් ඔයා ස්කෑන් රූම් එක ළඟට යන්න.

ඩොක්ටර් - මෙයාගේ බඩ ස්කෑන් කරන්න ඕනේ. මට මෙයාගෙ යූරින් ටෙස්ට් එකකුත් චෙක් කරන්න වෙනවා. ඒ නිසා යූරින් එකක් අරන් දෙන්න.

උපායදූත නිලධාරියා - හොඳමයි ඩොක්ටර්.

උපායදූත නිලධාරියා - ඩොක්ටර් මෙයා බයයි මේ වැඩේ කරන්න. දැන් බෑ කියනවා.

ඩොක්ටර් - නෑ... නෑ... බය වෙන්න එපා ළමයෝ. ඔයා මේ ළමයා හදා ගන්නද? ඔයාල බැඳලා නෑනේ. ඔයාලට මේ ළමයා හදා ගන්න බෑනේ.

උපායදූත නිලධාරියා - ඒක තමයි ඩොක්ටර්, මේක අයින් කරගන්න ඕනේ. ඩොක්ටර් - මේ... මේ... බයවෙන්න එපා. මම මේක පුරුදු වෙන්න කාරණව නෙවෙයි. මම ගොඩාක් ඔය වගේ කරල තියනවා. ඔයා බය වෙන්න එපා.‍

උපායදූත නිලධාරිනිය - එහෙනම් කමක් නෑ ඩොක්ටර් එහෙම කරමු. ඩොක්ටර් - ඒකනේ. එහෙනම් ඔයාලා ස්කෑන් රූම් එකට යන්න. මම බෙහෙත් ටික අරන් එන්නම්.

අනතුරුව උපායදුතියක ලෙස යෙදවු පොලිස් කොස්තාපල්වරිය ගබ්සා කිරීමට තැත් කිරීමේදී සැකකාර වෛද්‍යවරයා ක්ෂණිකව අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් - පිරිසක් රෝහලට

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් - පිරිසක් රෝහලට

මෙම වැටලීමේදී ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සැකකරු බේරුවල වෛද්‍ය නිලධාරී ලෙස ද කලක් සේවය කළ අයෙක් බවට තොරතුරු වාර්තා වෙයි.

අදාළ වෛද්‍යවරයා ගබ්සා කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 45,000 සිට ඉහළ මිල ගණන් අය කර ඇත. අත්අඩංගුවට පත්වීමත් සමඟ වෛද්‍යවරයාගේ සහයිකාව එම ස්ථානයේම සිහිසුන්ව ඇදවැටී ඇති බව සඳහන්.

අත්අඩංගුවෙන් මිදීම සඳහා සැකකාර වෛද්‍යවරයා වැටලීම් කළ නිලධාරීන්ට ඉල්ලන ඕනෑම මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට අයාචනා කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.