රාහුල් ගාන්ධිට සිර දඬුවම්. හේතුව මෙන්න.

Rahul Gandhi Narendra Modi India
By Wayomi Mar 23, 2023 10:01 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාටි අධිකරණයක් මගින් වසර 2ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන්.

2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් අදාළ නඩුව පවරා තිබුණා.

කෙසේ වෙතත් නඩුවේ තීන්දුවට අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි හට සිර දඬුවමක් නියම වුවද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසමින් සිර දඬුවම දින 30කට අත්හිටුවා ඇති බවයි..   

    

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW