රාගමට නව සංවර්ධනයක්

Report

ප්‍රමිතියක් තොර සංවර්ධන ව්‍යාපෘති නිසා රථවාහන තදබදයක් පවතින රාගම නගරය විධිමත් සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ ගොඩනගන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අනුව රාගම නගරයේ ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම අන්දමින් වැඩිදියුණු කිරීම රජයේ සැළැස්ම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ රාගම නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් භාවිත කරන ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන රාගම දුම්රිය ස්ථානය ,රාගම ශික්ෂණ රෝහල , වෛද්‍ය විද්‍යාලය මෙන්ම කදාන හෙද විදුහල මූලික කරගනිමින් නගරය සෞඛ්‍ය සහ අධ්‍යාපන නගරයක් ලෙස සංවර්ධනය කිරීමටයි සැළසුම වී තිබෙන්නේ.

මේ වන විට ස්ථාන තුනක පිහිටුවා ඇති බස්නැවතුම්පොල මෙන්ම විවිධ ස්ථානවල ඇති ත්‍රී රෝද රථගාල් සියල්ලම දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් එක් ස්ථානයකට ගෙන ඒමට යෝජනා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?

ශ්‍රී ලංකාවේ වාහන මිල ඉහළට - ජපානයේ වැඩ වලින් ලංකාවට වාහන හීනය අහිමිවෙයිද?