විකිරණවේදීන් ගත් දැඩි තීන්දුව රටපුරා හෙට කරන්න යන දේ මෙන්න

Report

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කර ඇත.

එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සදහන් කරන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ, විකිරණ පරීක්ෂණ, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ, mammogram පරීක්ෂණ හා ශල්‍යාගාරවල විකිරණ භාවිත කරමින් සිදුකරනු ලබන සැත්කම් සියල්ල හෙට දිනයේ අඬාල වීමට නියමිත බවයි.

ඒ වගේම මෙය අඛණ්ඩව සිදුකිරීමට සිදුවුයේ පසුගිය 21 වන දින දියත් කළ එක්දින වැඩවර්ජනයට නිසි විසඳුමක් නොලැබීම නිසා මෙම තීරණය ගත් බව එතුමා සදහන් කර තිබේ.

මාළිගාවත්ත රෝහලේ සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදුකිරීමට විරෝධය පළ කරමින් රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බව වාර්තා වේ