දෙවියනේ මේ තරම් ඉහළ මිලක්..එලිසබෙත් රැජිනගේ වෙඩිං කේක් කෑල්ලක් මේ තරම් වටිනවද..(PHOTOS)
By Sewvandhi
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ විවාහ මංගලෝත්සවයේ කේක් කැබැල්ලක් ඩොලර් 2,800කට අලෙවි වී තිබෙනවා.
එය වසර 77ක් පැරණි එකක් බව සඳහන්. මෙම වෙන්දේසිය මෙහෙය වූ රීමන් ඩැන්සි වෙන්දේසි ආයතනය පවසන්නේ මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් බවයි.
එය තවදුරටත් ආහාරයට ගත නොහැකි තත්ත්වයේ පවතින අතර, එම මංගල දිනය පවත්වා ඇත්තේ 1947 නොවැම්බර් 20 වැනිදායි.
මෙම කේක් පෙට්ටිය බකිංහැම් මාලිගයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි හොලිරූඩ් හවුස් හි ගෘහ සේවිකාවකවන මැරියන් පොල්සන් වෙත රාජකීය යුවළගෙන් තිළිණයක් ලෙස යවන ලැබූ එකක් වන අතර, ඒ හා සමග රැජින ඇයට යැවූ ලිපියක්ද හමුව තිබෙනවා.

