වරක් භාවිතා කළ එළිසබෙත් මහ රැජිනගේ රේන්ජ් රෝවර් සුපිරි මෝටර් රථය ගැන ගත්ත තීරණය.. (PHOTO)

By krishani Feb 02, 2024 02:11 PM GMT
Report

මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් එක් වරක් පමණක් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

වරක් භාවිතා කළ එළිසබෙත් මහ රැජිනගේ රේන්ජ් රෝවර් සුපිරි මෝටර් රථය ගැන ගත්ත තීරණය.. (PHOTO) | Queen Elizabeth S One Time Range Rover

ඒ පවුම් දෙලක්ෂ 24,850 මුදලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියක තැබීමටයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අමෙරිකානු හිටපු ජනාධිපති බරැක් ඔබාමා 2016 වසරේ බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේ එළිසබෙත් මහ රැජින විසින් මෙම මෝටර් රථය භාවිත කර ඇති බවයි.

කෙසේ වෙතත්, වින්සර් කාසල්හි සිට එඩිම්බරෝ ආධිපාදවරයා එම මෝටර් රථය පදවාගෙන යන අයුරුත්, බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා ද සමඟ එලිසබෙත් මහ රැජින අදාළ මෝටර් රථයේ අසුන්ගෙන සිටින අයුරුත් දැක්වෙන ඡායාරූපයක් ද සහිතව එම වෙන්දේසිය පිළිබද තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Sponsored By Sarrita Jewellery

වරක් භාවිතා කළ එළිසබෙත් මහ රැජිනගේ රේන්ජ් රෝවර් සුපිරි මෝටර් රථය ගැන ගත්ත තීරණය.. (PHOTO) | Queen Elizabeth S One Time Range Rover