QRවලින් පිට වැඩ කළ පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි
By Sithumi
QR කේතයෙන් පරිබාහිරව කටයුතු කළ පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එම පණිවිඩය ට්විටර් පණිවිඩයක් ඔස්සේ නිකුත් කළා. එසේම අප්‍රේල් 15 වනදා වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන ටැංකි සඳහා GPS පද්ධති සවිකරන බවද එහි සඳහන් වනවා එම ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ එසේම සියලු පෞද්ගලික ඒවාද එම ක්‍රමය අනුගමනය කරනු ඇති බවයි.