රුසියානු ජනපතිට අසාද්‍යයි..වෛද්‍යවරුත් බියට පත්වෙයි..එකවරම සිදු වූ දේ මෙන්න..

By Aruna Apr 12, 2023 01:03 AM GMT
Report

යුක්‍රේන් ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් දිගින් දිගටම විදෙස් පුවත් වාර්තා වුණා.

ඒ අනුව මේවනවිට එවැනි තවත් වාර්තාවක් පළ වී තිබීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය පවසන පරිදි එහි දැක්වෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහී ඇති බවයි.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා දැඩි හිසරදයකින් පෙළෙන බවත්, පෙනීම බොඳවීම හා දිව හිරිවැටීම යන විවිධ රෝග ලක්ෂණ වලින් ද පෙළෙන බවත් නවතම වාර්තාවකින් අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දරටත් සඳහන් කළා.

රුසියානු ජනාධිපතිවරයාගේ එම රෝග ලක්ෂණ හමුවේ වෛද්‍යවරුන් ද බියට පත්ව සිටින බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ දකුණු අතෙහි සහ පාදයේ සංවේදනය අර්ධ වශයෙන් අහිමි වී ඇති බවත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාවල සඳහන්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now