කිම් ජොන්ගේ ආරාධනාව පිළිගත් පුටින්.
By Hashini
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට උතුරු කොරියානු නායක කිම් ජොන් විසින් තම රටෙහි සංචාරයකට එක් වන ලෙස කරන ලද ආරාධනාව පිළිගෙන තිබෙනවා.
උතුරු කොරියානු මාධ්‍ය මේ සම්බන්ධයෙන් අද (14) වාර්තා කර තිබෙනවා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාවේ මේ වන විට රැදී සිටින උතුරු කොරියානු නායකයා එරට යුද නැව් අධීක්ෂණය කිරීමට ද නියමිත බවයි.
දෙරටේ නායකයින් අතර ඊයේ(13) පැවති හමුවේදී උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතාවය පළ වී තිබෙනවා.