එයා මැරුණේ මේ නිසා . මිතුරිය සියල්ල කියයි !
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නැමැති සිසුවිය සිය නේවාසිකාගාර කාමරය තුළ සිය දිවි නසාගෙන තිබුණා .
ඇය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් වන අතර ඇයගේ සිය දිවි නසා ගැනීමට හේතුව ලෙස ඇයගේ යෙහෙළියක් පවසා සිටින්නේ විද්‍යාපීඨය තුළ දී ඇයට ගුරුවරුන්ගෙන් විඳින්නට සිදු වූ හිරිහැර හේතුවෙන් හටගත් චිත්ත පීඩාව දරාගැනීමට නොහැකිව ඇය එම තීරණය ගෙන ඇති බවය.
සිය දිවි නසාගත් තරුණියගේ යෙහෙළියක් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක් පහත පරිදි උපුටා ඇත.
"චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පංසලකට කියලා හිතලා. ඉතින් ඔව්. එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වද දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජිවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු."
මේ සටහන තබා තිබුණේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඇයත් සමග දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ යෙහෙළියකි.
මිට වසර දෙකකට පෙර ඇය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිට වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට පැමිණ ඇති අතර ඉගෙනුම් කාලය සම්පූර්ණ කිරීමට පෙර ඇය තම ජීවිතය හැර යන්නට තීරණය කරන්නේ ඉතා අවාසනාවන්ත අයුරින්ය.
ඇගේ මරණය වැනි මරණ නැවත සිදු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට බලකරමින් වයඹ විද්‍යාපීඨ සිසුසිසුවියන් නිහඬ විරෝධතාවකද ඊයේ නිරත විය. රාත්‍රිය වන තුරුම ඔවුන් විරෝධතාවයේ නියැලෙමින් කියා සිටියේ පීඨාධිපතිවරාය පැමිණ මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බවය.
