මම මට හැකි තරමින් කුඩා දරුවන්ගේ මුහුණුවලට, නත්තලේ සතුටු සිනහව රැගෙන එන්න වැඩසටහනක් පැවැත්වූවා.. නත්තල් දා පුෂ්පිකා කළ ගොඩක් වටින වැඩක්.. (PHOTOS)

Report

නත්තලේ නියම අරුත ඇත්තේ අපි අනෙකාගේ මුහුණට සිනහවක් අරන් එනවිටයි… මේ ඔබ කවුරුත් දන්න හඳුනන නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා නත්තල වෙනුවෙන් කළ එවන් සිනහව කැන්දූ කටයුත්තක් 

ඇය ඒ පිළිබදව සමාජ මාද්‍යයේ සටහනක් තබා තිබුනා.

“නත්තල කියන්නේ ප්‍රේමය, සාමය සහ සතුට පිරුණු මාසයයි. විශේෂයෙන් මේ මොහොත වන විට අපේ රටේ බොහෝ දෙනෙක් විවිධ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දීලා, වෙහෙසට පත්වෙලා ඉන්න කාලයක් ගෙවන්නේ.

    ඉතින් මම මට හැකි තරමින් කුඩා දරුවන්ගේ මුහුණුවලට නත්තලේ සතුටු සිනහව රැගෙන එන්න වැඩසටහනක් පැවැත්වූවා. රසවත් ආහාර, ක්‍රීඩා, තෑගිබෝග පිරුණු ඒ සුන්දර නත්තල් සාදය සතුටින් පිරී තිබුණා. ඉතින්, හැකි උපරිමයෙන් එකම එක මුහුණකට හෝ සිනහවක් ගෙන එන්නට අපි උත්සාහ කරමු. මෙය දකින ඔබ සැමට මම දෙන නත්තල් පණිවිඩය එයයි. – පුෂ්පිකා ද සිල්වා

GalleryGalleryGalleryGalleryGallery