මෙරටට එන සංචාරකයන් රැවැට්ටුවහොත් ලැබෙන දඬුවම මෙන්න.
කටුනායක ගුවන්තොටුපලේදී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව දැනට පනවන රුපියල් 25,000 ක රුපියල් දඩය ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා.
ඒ, අනුව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් දී ඇත්තේ, එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් යෙදවීම, එවැනි අක්‍රමිකතා පිළිබඳ පැමිණිළි භාරගෙන ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ඇති කිරීමටයි.
එමෙන්ම ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් විවිධ වැඩි වශයෙන් අක්‍රමිකතාවල නිරතවන්නේ යැයි නිරන්තරයෙන් ලැබෙන පැමිණිළි පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණ ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |