විදුලි ගාස්තු වැඩි කරන්නද එපාද කියලා මහජනතාවටම කියන්න අවස්ථාවක් - මේ සතියේ

Report

මහජන උපයෝගීතා කොමිෂන් සභාව මඟින් විදුලිය ගාස්තු සංශෝධනය පිළිබදව ලිඛිත හා වාචික මහජන අදහස් විමසීම පිළිබදව දින ඇතුළත් කාලසටහන මේ සතිය අවසන් වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරයි.

ඒ අනුව සිදු කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් මහතා මේ බව පවසා ඇත. ඔහු ප්‍රකාශ කළේ මහජන උපදේශනය පළාත් මට්ටමින් පවත්වන්නේ ද ජාතික මට්ට්මින් පවත්වන්නේ ද යන්න පිළිබදව තීරණය කර පවත්වන දින වකවානු ප්‍රකාශයට පත් කරන බවයි.

එමෙන්ම දින 21 ක කාලයක් අනිවාර්යයෙන් මහජන උපදේශනයට ලබා දිය යුතු බවත් සන්නිවේදන අධ්‍යක්‍ෂවරයා දන්වා සිටියා.

ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ගැන ඇහෙන අලුත්ම ආරංචිය ඇමතිගේ කටින්ම පනී

ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ගැන ඇහෙන අලුත්ම ආරංචිය ඇමතිගේ කටින්ම පනී

මහජන උපදේශනයෙන් පසු කොමිෂන් සභාව ඉදිරිපත් වූ සියලු කරුණු හා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ගාස්තු වැඩි කළ යුතු බවට හේතු දක්වා තිබෙන යෝජනා අධ්‍යනය කිරීමෙන් අනතුරුව විදුලිබිල වැඩිකිරීමට අදාළ අවසන් තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ වසරේ පළමු කාර්තුව සඳහා 11.57% ක විදුලිය ගාස්තු වැඩි කිරීමක් ලබා දෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

යෝජනා කර තිබෙන සංශෝධනය 2026 ජනවාරි සිට මාර්තු දක්වා සමස්ත විදුලි පරිභෝජනයට අදාළ වේ. ඒ අනුව, ගෘහස්ථ, ආගමික, කාර්මික, වාණිජ සහ අනෙකුත් පාරිභෝගික යන ඛාණ්ඩයන්ට ද එය බලපානු ඇත.

ලයිට් බිල් ගෙවීම සම්බන්ධයෙන් සියලුම පාරිභෝගිකයන්ට දැනුම් දීමක් - තවත් 2.2% බිලක් එකතු වෙයි

ලයිට් බිල් ගෙවීම සම්බන්ධයෙන් සියලුම පාරිභෝගිකයන්ට දැනුම් දීමක් - තවත් 2.2% බිලක් එකතු වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න