රාජ්‍ය සේවයට බඳවා ගන්නේ අත්‍යවශ්‍යම නම් පමණ ද?. සේවක කප්පාදුවක් වෙයි ද?. අද කැබිනට් ඇනුමැතිය හිමි වුණේ මෙහෙමයි..

Report

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ. 

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට.. සිසුන් ඇතුළත් කරගැනීම ගැන ගත් විශේෂ තීරණය මෙන්න..

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට.. සිසුන් ඇතුළත් කරගැනීම ගැන ගත් විශේෂ තීරණය මෙන්න..

කප්පාදු කරලා නෑ.. රජයෙන් වැඩිකළ දීමනාව ජනවාරියේ සිට.. ලැබෙන පිරිස මෙන්න..

කප්පාදු කරලා නෑ.. රජයෙන් වැඩිකළ දීමනාව ජනවාරියේ සිට.. ලැබෙන පිරිස මෙන්න..

එමෙන්ම, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම සමාලෝචනය මඟින් රාජ්‍ය සේවයේ කප්පාදුවක් සිදු නොවන බවයි.

You May Like This Video👇