රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත බලාත්මක කෙරේ...

Report

අද (09) දිනයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව ය.

ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ විවාදයට දින නියම වෙයි...

ට්‍රම්ප් සහ කමලා හැරිස්ගේ විවාදයට දින නියම වෙයි...

2024 මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත පසුගිය ජූලි 25 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇත.

කථානායකවරයා දන්වා තිබෙන්නේ, එම අදාළ පනත් කෙටුම්පත 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ලෙස 2024 අගෝස්තු 08 වැනි දින සිට බලාත්මක වන බවයි.