ලබන 22 වනදා රාජ්‍ය මූල්‍ය කළමණාකරන පනත පාර්ලිමේන්තුවට...

Report

මෙතෙක් පැවති රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ලිහිල් බව හා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රුවන්වැල්ල ප්‍රදේශයේ දී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටිනවා.

ඔහු පැවසුවේ 1935 වසරේ සිට මෙරට රාජ්‍ය මූල්‍ය, මුදල් නියෝග මගින් පාලනය වූ බවත්, 1966 දී මෙම මුදල් නියෝග මුදල් රෙගුලාසි බවටත් පත් වී පසුව එම මුදල් රෙගුලාසි 1992 වසරේදී සංශෝධනය වූ බවයි.

ලබන 22 වනදා රාජ්‍ය මූල්‍ය කළමණාකරන පනත පාර්ලිමේන්තුවට... | Public Finance Management Act To Parliament

2003 වසරේදී ගෙනා රාජ්‍ය මූල්‍ය වගකීම් පනත ආදිය මගින් රාජ්‍ය මූල්‍ය කලමනාකරණය විධිමත් කිරීමට විවිධ උත්සාහයන් දැරුවද, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සියළු පැතිකඩ ආවරණය වන කේන්ද්‍රීය පනතක් මෙතෙක් කලක් නොතිබූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, මෙන් ම, ලෝක බැංකුව ආදී ආයතන ද දිගින් දිගට ම කරුණු පෙන්වා දුන් බව සඳහන් කළේ ය.

එමෙන්ම, පැවති මූල්‍ය නීතිවල ලිහිල්භාවය 2022 වසරේදී ඇතිවූ මූල්‍ය අර්බුදයට බලපෑ බව බොහෝ පිරිස් පෙන්වා දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. පසුගිය අරගල, උද්ඝෝෂණ ආදියේ දී ඉල්ලා සිටි ප්‍රධාන කාරණාවක් මෙන්ම සමාජයේ බොහෝ පිරිස්ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ආර්ථිකයේ ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක් - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ආර්ථිකයේ ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක් - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

 

ඒ අනුව සියලු කරුණු සලකා බලමින් නව ලෝකයට උචිත වන පරිදි ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය ඉටු කිරීමේ අරමුණින් මෙම පනත ගෙන එන බව ඔහු පැවසී ය.

ඒ අනුව ලබන 22 වන දින ගෙන එන මෙම පනත සහ මීට පෙර ඉදිරිපත් කරනු ලැබූ දූෂණ විරෝධි පනත ද හොඳින් අධය්‍යනය කර බලන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය .