නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පතට මහජන අදහස් විමසයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශ පියවර ගෙන ඇත්තේ නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමටයි.
ඒ අනුව මහජන අදහස් හෝ නිර්දේශ යෝජනා ඇත්නම් දින 14ක් ඇතුලත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට යොමු කල හැකි වනවා.
පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණේ ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පරිච්ඡින්න කර ඒ වෙනුවට නව කෙටුම්පතක් සකස් කිරීමටයි.
නුතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම , දේශීය සහ විදේශීය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නා ප්‍රමිතීන්ට අනුගත වීම නව පනත හඳුන්වා දීම තුලින් අදහස් කෙරෙනවා.