රටටම දැනුම්දීමක් - මීට පස්සේ මේ පිළිබඳ තොරතුරු ලැබුණොත් වහාම දැනුම්දෙන්න
සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
එහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාමට වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව පැවසුවා.
ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සියලුම නිලධාරීන්ගේ එකඟතාව පළ විය.
එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 2025 වසරේ අත්පත් කරගත් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, මේ වසරේ තවදුරටත් ඉහළ මූල්‍ය ප්‍රගතියක් අත්පත් කර දීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සුරාබදු නිලධාරීන් සහතික විය.
එමෙන්ම වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැලපෙන ලෙස සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය විය.
තවද සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නව සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කමිටුව අවධාරණය කළ අතර, මීට අමතරව නිලධාරීන්ගේ උසස් වීම් සහ මත්ද්‍රව්‍ය නාශක අංශය සවිබල ගැන්වීම පිළිබඳවද අවධානය යොමුව ඇත.
මේ අතර, රට තුළ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධ අපරාධ මැඬලීම වෙනුවෙන් මහජනතාවගේ සක්‍රීය සහාය ලබා ගැනීමට ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික දුරකථන අංකය හරහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන මෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සාකච්ඡාවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සහ මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන්.