O/L ප්‍රතිඵල ආවාට පස්සේ A/L වලට නිවැරදිම විෂය ධාරාව තෝරන්නේ කොහොමද? මෙන්න වෛද්‍ය විද්‍යාත්මක රහස [VIDEO]

Report

    තමන්ගේ දරුවගේ බලා දරුවා සමත් නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් .නමුත් දරුවගේ ප්‍රතිඵල හොද වුණ පලියටම ඒක සමාජ මාධ්‍යයේ දාලා ඒවගේ ප්‍රතිඵලයක් ගන්න බැරිවෙච්ච දරුවන්ට දුකක් හිතෙන විදිහට කටයුතු නොකරන ලෙස රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබද විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කර තිබේ

එතුමා තව දුරටත් සදහන් කරන්නේ මෙවැන්නක්

තමන්ගේ දරුවගේ බලා දරුවා සමත් නම් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න .නමුත් දරුවගේ ප්‍රතිඵල හොද වුණ පලියටම ඒක සමාජ මාධ්‍යයේ දාලා ඒවගේ ප්‍රතිඵලයක් ගන්න බැරිවෙච්ච දරුවන්ට දුකක් හිතෙන විදිහට කටයුතු කරන්න එපා දරුවගේ ප්‍රතිඵල දිහා සහ කම්පනයෙන් බලන්න ඕනේ . මුලින්ම බලන්න ඕනේ සමත් වෙලා ඉන්න දරුවන්ට සුදුසු උසස්පෙළ විශය ධාරාවක් තෝරගන්නේ කොහොමද කියලා ,භාෂාව වගේ විශයන්ට ඉහළ සාමාර්ථ ගත්ත දරුවන්ට කලා විශය වගේ විශයක් නිර්දේශ කරන්න පුළුවන් .ව්‍යුක්ත චින්තනය වැඩිපුර අවශ්‍ය වෙන ගණිතය තොරතුරු තාක්ෂණය වගේ විශයන් වලට ඉහළ සාමාර්ථ තියේනම් ගණිත විශය නිර්දේශ කරන්න පුළුවන්.

දිගු කාලීන මතකය වගේම ව්‍යුක්ත චින්තනය යන දෙක තියෙන පුද්ගලයෙකුට ජීව විද්‍යාව නිර්දේශ කරන්න පුලුවන්. අසමත් වුණානම් ඒකට හේතුව හොයලා බලන්න ඕනේ . ගුරුවරුන්ගේ උපදෙස් බලන්න. ඊට පස්සේ ඒ අනුව කටයුතු කරන්න නැත්නම් පුහුණුවක් ලබලා රැකියාවකට යන්න පුළුවන් . සාමාන්‍යපෙළ අසමත් කි‍යන්නේ ජීවිතය අසමත් කියන එක නෙමේ ඔබට සුදුසු තැනක් ලෝකෙ තියනවා .  

වීඩියෝව උපුටා ගන්නා ලදි